Search

නිවු සවුත් වේල්ස් හි OPAL කාඩ්පත් ගාස්තු අද සිට ඉහළට

නිවු සවුත් වේල්ස් හි OPAL කාඩ්පත් ගාස්තු අද සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියයට 3.7 කින් ගාස්තු වැඩි වන අතර සතියක ගාස්තුව ඩොලර් එකකින් පමණ ඉහළ යනු ඇති.

දැනට කාර්ය බහුල නොවන වේලාවන් හිදී පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට ලබාදී ඇති සියයට 30 ක ගාස්තු සහනය සිකුරාදා දිනවලදීත් ලබාදීමට නියමිතයි.

මෙතෙක් එම සහනය හිමිවූයේ සති අන්තයේ සහ පොදු නිවාඩු දිනවල කාර්ය බහුල වේලාවන් ලෙස සැළකුණු පෙරවරු 06.30 ත් පෙරවරු 10.30 ත් සහ පස්වරු 03 ත් රාත්‍රී 07 ත් අතර කාලයෙන් බැහැර වේලාවන් හිදීයි.

සතියක් තුළදී ගමන්වාර 08 ක් සම්පූර්ණ කල මගීන්ට ලබාදී තිබූ ගාස්තුවෙන් අඩක් අය කිරීමේ සහනය ද අද සිට නතර වනු ඇති.

OPAL කාඩ්පත් හරහා පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන්ගෙන් සියයට 90 කට ආසන්න ප්‍රමාණයකට අදාල සහනය හිමිනොවන බවට තහවුරු කරගැනීමත් සමගයි එය ඉවත් කිරීමට තීරණය වී ඇත්තේ.

මේ අතර OPAL කාඩ්පත භාවිතයෙන් ගුවන් තොටුපළ දක්වා යාමට පුද්ගලික ප්‍රවාහන සමාගමක් විසින් ක්‍රියාත්මක කර ඇති සේවාව වැඩිහිටි කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 16.68 ක් ද ළමා කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 14.92 දක්වා ඉහළ යනු ඇති.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »