Search

ජනමත විචාරණය පැරදීම ගැන නැෂනල්ස් සහ ග්‍රීන්ස් පක්ෂ නායකයන් අදහස් දක්වයි

ජනමත විචාරණ යෝජනාව පරාජයට පත්වීම සම්බන්ධයෙන් නැෂනල්ස් සහ ග්‍රීන්ස් පක්ෂ නායකයන් විසින් අදහස් දක්වා තිබෙනවා.

ග්‍රීන්ස් පක්ෂ නායක ඇඩම් බෑන්ඩ් අවධාරණය කර ඇත්තේ සත්‍ය සහ යුක්තිය සෙවීමේ කොමිසමක් පත්කිරීමට ලේබර් පක්ෂ රජය වහා පියවර ගත යුතු බවයි.

ඒ සඳහාා ඩොලර් මිලියන 250 ක මුදලක් වෙන් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

එමෙන්ම ප්‍රචාරණ සමයේදී අසත්‍ය තොරතුරු සමාජ ගතකල බවටද ග්‍රීන්ස් පක්ෂ නායක ඇඩම් බෑන්ඩ් විපක්ෂ නායක පීටර් ඩට්න් වෙත දැඩි චෝදනාවක් එල්ල කරනු ලැබුවා.

මේ අතර නැෂනල්ස් පක්ෂ නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් සඳහන් කරන්නේ ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබාදීමට පමණක් අදාළ යෝජනාව ගෙන ආවේ නම් එය සම්මතවීමට වැඩි ඉඩක් තිබූ බවයි.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »