ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 02 ට හෙවත් මෙල්බන් වේලාවෙන් රාත්‍රී 07.30 ටයි ලක්නව් හිදී එය ආරම්භ වන්නේ.

මෙම කණ්ඩායම් 02 ම මෙවර ලෝක කුසලානයේ සහභාගී වී ඇති තරග 02 ම පරාජයට පත්ව සිටීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නිත්‍ය නායක දසුන් ශානකට ආබාධයක් හේතුවෙන් ලෝක කුසලානයේ ඉතිරි තරගවලින් ඉවත්වීමට සිදුවූ අතර ඒ අනුව කුසල් මෙන්ඩිස් විසින් අද සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

දසුන් ශානකට සති තුනක් පමණ ක්‍රීඩා කිරීමට නොහැකි වන බවටයි වාර්තා වන්නේ.

එසේම වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටද ඔස්ට්‍රේලියාව සමග අද තරගය අහිමි වී ඇත්තේ ඔහුද ආබාධයකට ගොදුරුවී සිටීම හේතුවෙනුයි.

මේ අතර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රැඳී සිටින චාමික කරුණාරත්න, දසුන් ශානක වෙනුවට කණ්ඩායමට එක්වනු ඇති.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »