
ඊශ්‍රායලයේ සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීම සඳහා වන මෙහෙයුම් අද සිට නැවතත් ආරම්භ කරන බව විදේශ ඇමතිනී පෙනී වොංග් පවසනවා.
ඒ අනුව ටෙල් අවීව් ගුවන් තොටුපළේ සිට ඩුබායි දක්වා ගුවන් යානා කිහිපයක් අද දිනයේදී පිටත්වීමට නියමිත බව සඳහන්.
ඔවුන් ඩුබායි සිට ඔස්ට්‍රේලියාව දක්වා රැගෙන එන දින වකවානු ඉදිරියේදි ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියානුවන් 850 කට ආසන්න පිරිසක් මේ වනවිටත් මුදාගෙන අවසන් අතර තවත් 1500 ක් පමණ ඉදිරියේදී ඉවත් කරගැනීමටයි නියමිතව ඇත්තේ.
ආරක්ෂක තත්වය අයහපත්වීම හමුවේ මුදා ගැනීමේ ගුවන් යානා වාර 02 ක් අවලංගු කිරීමටද පියවර ගෙන තිබුණා.
