
ජනමත විචාරණය පරාජයට පත්වීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් සමස්ත ඔස්ට්‍රේලියානුවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.
මෙම ප්‍රථිඵලය හරහා කිසි විටකත් රටවැසියන් බෙදුණු ජාතියක් යැයි පෙන්නුම් නොකෙරෙන බවද ඔයු අවධාරණය කරනවා.
විපක්ෂ නායක පීටර් ඩට්න් ප්‍රමුඛ ලිබරල් සන්ධානය විසින් නායකත්වය දෙනු ලැබුවේ ජනමත විචාරණ යෝජනාවට විරුද්ධ පාර්ශවය හෙවත් NO කඳවුර වෙතයි.

ස්වදේශික ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටලු විසඳිය යුතු වුවද ජනමත විචාරණ යෝජනාව ඊට පිළිතුර නොවන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටිනවා.
මෙය ඔස්ට්‍රේලියානුවන් අපේක්ෂා කල ජනමත විචාරණයක් නොවන බැවින් එවැන්නක් සඳහා රට යොමු කිරීම පිළිබඳ අගමැති ඇන්තනී ඇල්බනීස් ජනතාවගෙන් සමාව අයැද සිටිය යුතු බවටයි පීටර් ඩට්න් යෝජනා කරන්නේ.
