ගාසා තීරයේ සිවිල් වැසියන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් $ මිලියන 10 ක මානුෂිය ආධාර

යුධ ගැටුම් හමුවේ පීඩාවට පත්ව සිටින ගාසා තීරයේ සිවිල් වැසියන් වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක මානුෂිය ආධාර සැපයීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

එයින් ඩොලර් මිලියන 03 ක මුදලක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා වෛද්‍ය ආධාර සැපයුම් ලෙස ලබාදීමටයි නියමිතව ඇත්තේ.

අනෙක් ඩොලර් මිලියන 07 ක මුදල එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජලය – සනීපාරක්ෂක – ළමා රැකවරණ යන අංශ වෙනුවෙන් ලබා දෙනු ඇති.

2009 වසරේදීත් මෙලෙසම ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට එල්ල කල යුධ ප්‍රහාර හමුවේ පීඩාවට පත් ගාසා තීරයේ සිවිල් වැසියන් වෙනුවෙන් එවක පැවති ලේබර් රජය විසින් ද ඩොලර් මිලියන 10 ක ආධාර සපයනු ලැබුවා.

මේ අතර යුධ ගැටුම්වලට මැදිහත් වි සිටින සිවිල් වැසියන්ට ආරක්ෂිතව ඉවත්වීමට ඉඩකඩ සළසන ලෙසයි ඔඔස්ට්‍රේලියාව ඉල්ලීමක් කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික සංගීතවේදිණියකට ජාත්‍යන්තරයේදී ලොකු ජයක්

ශ්‍රී ලංකික ගායන ශිල්පිණියක් මෙන්ම රංගන ශිල්පිණියක් වන වෛද්‍ය කාංචනමාලා රණසිංහ ගායනා කළ ගීතයක් ජාත්‍යන්තර සම්මාන උළෙලක අවසන් වටය සඳහා තෝරාගෙන තිබෙනවා.

Read More »

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »