Search

ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීම සඳහා සැලසුම් කල ගුවන් වාර 02 ක් අවලංගුයි

ඊශ්‍රායලයේ සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීම සඳහා සැලසුම් කර තිබූ ක්වන්ටාස් ගුවන් වාර 02 ක් අවලංගු කර තිබෙනවා.

මේ වනවිට කලාපයේ පවතින දැඩි අනාරක්ෂිත තත්වය ඊට හේතුව බවයි විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

නැවත වරක් මෙම ගුවන් වාර ක්‍රියාත්මක කරන දිනයක් මෙතෙක් තහවුරු කර නැහැ.

කෙසේවෙතත් යුධ ගැටුම් හමුවේ පීඩාවට පත්ව සිටින සියලු ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම ෆෙඩරල් රජයේ අරමුණ බවයි විදේශ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එහි පළමු අධියර ලෙස 238 දෙනෙකු ඊශ්‍රායලයේ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දක්වා ඉවත් කර ගැණුනා.

ඔවුන් ලබන අගහරුවාදා දිනයේදී සිඩ්නි දක්වා රැගෙන ඒමට නියමිතයි.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »