Search

ජනමත විචාරණයේ පරාජය නිසා ඔස්ට්‍රේලියානුවන් බෙදීමකට ලක්වන්නේ නෑ

ස්වදේශික හඩ ජනමත විචාරණයේ පරාජය ඔස්ට්‍රේලියානුවන් බෙදීමකට ඉවහල් නොවන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ජනමත විචාරණ යෝජනාවට පක්ෂ හෙවත් කඳවුරෙහි පරාජයෙන් පසු කැන්බරා නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.

මෙහිදී පරාජයක් අත්වුවද ස්වදේශික ජනතාවට නිසි අයිතිවාසිකම් දීමේ ප්‍රයත්නයෙන් ලේබර් පක්ෂ රජය බැහැර නොවන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලේ.

ජනමත විචාරණයේ අවසාන ප්‍රථිඵලය නිකුත් වීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති නමුත් සියලුම ප්‍රාන්තවලදී එය බහුතර ඡන්දයෙන් පරාජය වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව Yes කඳවුරට හිමිවනුයේ සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවටයි අනාවැකි පළවන්නේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »