NSW මාර්ග කැමරා මගින් ආසන පටි නීති කඩන්නන්ද හඳුනාගන්න යයි

නිවු සවුත් වේල්ස් මාර්ගවල සවි කර ඇති කැමරා හරහා සිදුකෙරෙන නිරීක්ෂණ පුලුල් කිරීමට ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ආසන පටි නීති නිසි පරිදි අනුගමනය වන්නේදැයි විමසා බැලීමට ද ඉදිරියේදී මෙම කැමරා යොදා ගැනෙනු ඇති.

ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර වසර 50 කට වැඩි කාලයක් ගතවී ඇතත් වසරකට 10,000 කට ආසන්න පිරිසක් දඩවලට යටත්වීම සැළකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි නිවු සවුත් වේල්ස් මාර්ග ඇමති ජෝන් ග්‍රැහැම් සඳහන් කලේ.

දැනට මෙම කැමරා වැඩි වශයෙන් යොදා ගැනෙන්නේ රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිත කරන්නන් හඳුනාගැනීම සඳහායි.

කෙසේවෙතත් මෙම කැමරා භාවිතයෙන් වසරකට මාරක රිය අනතුරු 17 ත් 26 ත් අතර සංඛ්‍යාවක් වළක්වා ගැනීමට හැකි වූ බවයි සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙන්නේ.

නිවු සවුත් වේල්ස් මාර්ගවල සිදුවන රිය අනතුරුවලින් මරණ සඳහා සියයට 84 ක් මෙන්ම බරපතල තුවාල සිදුවීම් සඳහා සියයට 66 කට හේතුව වන්නේ ආසන පටි නොපැළඳ ගමන් කිරීම බවට හෙළිකරගෙන තිබෙනවා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »