ඊශ්‍රායලයෙන් ඉවත් කරගනු ලැබූ පළමු ඔස්ට්‍රේලියානුවන් කණ්ඩායම ලන්ඩන් නුවරට

ඊශ්‍රායලයෙන් ඉවත් කරගනු ලැබූ පළමු ඔස්ට්‍රේලියානුවන් කණ්ඩායම ලන්ඩන් නුවරට පැමිණ තිබෙනවා.

නියමිත වේලාවට පැයක පමණ ප්‍රමාදයකින් පසු අදාළ ක්වන්ටාස් ගුවන් යානය පැමිණ ඇති බව සඳහන්.

වෛද්‍ය අවශ්‍යතා සහිත සහ වඩාත් අවධානම් සහිතම 238 දෙනෙකු තෝරාගෙන මෙලෙස පළමුවෙන් ගෙන්වා ගෙන තිබෙනවා.

කුඩා ළමුන් පිරිසක්ද ඒ අතර වන බවයි පැවසෙන්නේ.

හෙට දිනයේදීත් තවත් පිරිසක් ඉවත් කරගැනීමට නියමිතයි.

ඔවුන් ටෙල් අවිවි නුවර සිට ඩුබායි දක්වා රැගෙන ඒමටයි සැළසුම් කර ඇත්තේ.

පලස්තීන පාලන ප්‍රදේශවල සිට ඔස්ට්‍රේලියානුවන් 825 දෙනෙකු දැනටමත් ඉවත්වී අවසන්.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »