ඡන්දය අවසන්වීමට පැය කිහිපයක් තිබියදී “Yes” පිරිසෙහි ඉහළයාමක්

ස්වදේශික හඩ ජනමත විචාරණයේ ඡන්ද ප්‍රකාශය අවසන්වීමට පැය කිහිපයක් තිබියදී Yes කඳවුරට සහය පළකරන පිරිසෙහි ඉහළයාමක් සටහන් වී තිබෙනවා.

නිව්ස් පෝල් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද අවසාන සමීක්ෂණ වාර්තාවට අනුව Yes කඳවුරෙහි ඡන්ද ප්‍රතිශතය සියයට 03 කින් වැඩිවී ඇති අතර ඒ අනුව එය දැනට පවතින්නේ සියයට 37 ක් ලෙසයි.

මෙය පසුගිය මාසයේදී ජනමත විචාරණ ප්‍රචාරණය ආරම්භවීමෙන් පසු Yes කඳවුර විසින් අත්කරගත් ඉහළම ප්‍රතිශතය වීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් No කඳවුර තවමත් ඉදිරියෙන් පසුවන්නේ සියයට 57 ක ප්‍රතිශතයක්ද සමගිනුයි.

Yes කඳවුර විසින් ජයගනු ඇති බවට අනාවැකි පළවන එකම ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තය පමණයි.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »