
ඔස්ට්‍රේලියා මැතිවරණ ඉතිහාසයේ පූර්ව ඡන්ද වකවානුවක වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කල දිනය බවට ඊයේ (13) පත්වී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ නිල සංඛ්‍යාලේඛණ අනුව ස්වදේශික හඩ ජනමත විචාරණය වෙනුවෙන් ඊයේ දිනයේදී මිලියනයකට අධික පිරිසක් ඡන්දය ලබා දී තිබුණා.
ඒ අනුව ජනමත විමසුම වෙනුවෙන් පූර්ව ඡන්ද ප්‍රකාශ කල සමස්ත සංඛ්‍යාව මිලියන 6.13 ක් ලෙස සටහන්වී ඇති අතර එයද මෙරට මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් ලෙසයි සටහන් වන්නේ.

එම අගය පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී සටහන් වී තිබුණේ මිලියන 5.6 ක් ලෙසයි.
ස්වදේශික හඩ ජනමත විචාරණය වෙනුවෙන් මිලියන 17.6 ක පිරිසක් ලියාපදිංචි වී තිබූ අතර ඒ අනුව අද දිනය තුළදී ඡන්ද පොළට යාමට නියමිත පිරිස සටහන් වන්නේ මිලියන 9.2 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන 7,000 කදී ඡන්ද විමසීම අද පස්වරු 06 ට අවසන් කිරීමට නියමිතයි.