මෙල්බන් Flinders Street දුම්රිය ස්ථානයේ පිහි ඇණුමකින් අයෙකුට බරපතල තුවාල

මෙල්බන් ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් දුම්රිය ස්ථානයේදී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 03.20 ට පමණ දුම්රිය වේදිකාවක් මතදී එය සිදුව ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

දෙපිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග යාමෙන් මෙම පිහි ඇණුම සිදුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »