ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමුඛතා ශ්‍රේණිගත කිරීම් අතර ජනමත විචාරණයට හිමිවන්නේ 17වන ස්ථානය බවට හෙළිකරගෙන තිබෙනවා.
ජීවන වියදම – සෞඛ්‍යය – රැකියා සහ අධ්‍යාපනය ඊට වඩා මූලික ප්‍රමුඛතා බවටයි හඳුනාගෙන ඇත්තේ.
ජනමත විචාරණය පස්වරු 06 ට අවසන් වන අතර අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ජනතාව වෙත දන්වා ඇත්තේ තවදුරටත් ජනමත විචාරණයට සහය ලබා දෙන ලෙසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඡන්ද දායකයින් ජනමත විචාරණයට සහය වීමට ගන්නා තීරණය වඩාත් නිවැරදි තීරණයක් බවයි.
කෙසේ වෙතත් ඇතැම් සමික්ෂණ වාර්තා පෙන්වා දී ඇත්තේ ස්වදේශිය හඩ ජනමත විචාරණය පරාජය වීමට වැඩි ඉඩකඩක් පවතින අතර NO ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට පැමිණිමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.
ජනමත විචාරණට වඩා ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන ප්‍රමුඛ ප්‍රශ්න සම්බන්දයෙන් රජය වැඩි අවධානයක් යොමු කල යුතු බවයි විපක්ෂ නායක පීටර් ඩට්න් චෝදනා නගන්නේ.