ඊශ්‍රායලයේ සිටින ඕස්ට්‍රේලියානුවන් මුදා ගැනීම සදහා තවත් ගුවන් යානා 02 ක්

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරක්ෂිතව සිදු කරන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

ඊශ්‍රායලයේ සිට ඔස්ටේ්‍රලියානුවන් 220 ක් රැගත් පළමු ක්වන්ටාස් ගුවන් යානය ඊයේ දින ලන්ඩනය වෙත පැමිණ තිබුණා.

එතැන් පටන් සිංගප්පූරුව හරහා ඕස්ට්‍රේලියාවට මගීන් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇති අතර සියලූ සේවා නොමිලේ සපයනු ඇති.

අවශ්‍යතාව මත ඉදිරියේ දී ඔස්ටේ්‍රලියානුවන් මුදා ගැනීම සදහා තවත් ගුවන් යානා 02 ක් ඊශ්‍රායලය වෙත යැවීමට නියමිතයි.

මේ වන විට ඔස්ටේ්‍රලියානුවන් දස දහසකට අධික පිරිසක් ඊශ්‍රායලයේ වාසය කරන අතර ත්‍රස්ත ප්‍රහාර හමුවේ එක් ඔස්ටේ්‍රලියානු කාන්තාවක මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මුදා ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක අතර යුධ වාතාවරණය අවසන් වන තෙක් සහන සැලසීම ෆෙඩරල් රජයේ අරමුණ බව ඇන්තනි ඇල්බනීස් අවධාරණය කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ රැදී සිටින ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 1600 කට ආසන්න පිරිසක් යළි ඔස්ටේ්‍රලියාවට පැමිණිම සදහා ක්වන්ටාස් හි ලියාපදිංචි වී තිබෙනවා.

අදියර කිහිපයක් යටතේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් සිට ලන්ඩන් දක්වා ඔස්ටේ්‍රලියානුවන් ගෙන්වා ගැනීමේ කටයුතු ඊයේ සිට ආරම්භ වුණා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »