Search

ජනමත විචාරණය පරාජය වීමේ ඉඩකඩ දෙගුණයකින් ඉහළට

ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජය වීමේ ඉඩකඩ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සමාජ මාධ්‍ය සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු පුවත් මෙන්ම විවිධ පළකිරීම් (posts) ලක්ෂ 05 කට අධික ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින් විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායමක් විසින් අදාළ දත්ත ඉදිරිපත් කර තිබුණා.

මෙහිදි ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම් හා ට්විටර් සමාජ මාධ්‍ය සැලකිල්ලට ගනිමින් අදාළ සමීක්ෂණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සමීක්ෂකයන් ප්‍රකාශ කර ඇත්තේ Yes ව්‍යාපාරය හා සම්බන්ධව පළවු මාධ්‍ය වාර්තා මෙන්ම සමාජ මාධ්‍ය තුළ posts සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ධනාත්මක භාෂාවෙන් නිරූපනය වී ඇති බවයි.

එහෙත් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් තුළ පැවතී ඇත්තේ මතභේදාත්මක කරුණුයි.

මේ අතර No ව්‍යාපාරය සම්බන්ධව සෘණෘත්මක අදහස් සමාජගතවන ආකාරයේ posts සංසරණය වීමේ අගය සියයට 20 කට වඩා අඩු අගයක් ගැනීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් අදාළ පෝස්ටු මහජන මතය වෙනස් කිරීමට යම් බලපෑමක් ඇති කරන බවයි සමීක්ෂණ කණ්ඩායම් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »