වසර 24 කට පසු ඔස්ට්‍රේලියාවේ පළමු ජනමත විචාරණය අද

වසර 24 කට පසු ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පළමු ජනමත විචාරණය අද පැවැත්වෙනවා.

ඡන්ද දායකයින් මිලියන 17.5 ක් පමණ එහිදී ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබාදීමට කැමතිද – අකැමතිද යන්න මෙහිදී විමසා බැලෙනු ඇති.

අද පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 7,000 කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා විවෘතව තැබෙන අතර පස්වරු 06 න් පසු ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ කණ්ඩායම් ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේ කාර්යයට යොමුවනවා.

පූර්ව ඡන්දය ලබාදුන් පිරිස මිලියන 05 කට ආසන්නව පවතින අතර පළමුවෙන් ගණන් කරනු ලබන්නේ එම ඡන්දයි.

ඡන්ද ගණනය කිරීම ඉතා ආසන්න එකක් වුවහොත් අවසාන ප්‍රතිඵලය රාත්‍රියේම දීමට නොහැකි වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම සඳහන් කලා.

කෙසේවෙතත් මෙරට මැතිවරණ නීතියට අනුව ඡන්දය ප්‍රකාශ කළ දිනයෙන් පසු දින 13 ක් තුළ අවසාන ප්‍රථිඵලය ලබාදිය යුතුයි.

ප්‍රතිඵල නිවැරදි බව සහතික කිරීම සඳහා ජනමත විචාරණයේදීත් සෑම ඡන්දයක්ම දෙවරක් ගණන් කිරීමට නියමිතයි.

ලියාපදිංචි ඡන්ද දායකයන් විසින් ඡන්දය භාවිත නොකලහොත් ඩොලර් 20 ක දඩයකට යටත්වීමට සිදුවනු ඇති.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »