අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන්ගේ විශ්වාසව බිද වැටී ඇති බව විපක්ෂ නායක පීටර් ඩට්න් චෝදනා නගනවා.
පීටර් ඩට්න් පෙන්වා දෙන්නේ ස්වදේශික හඩ ජනමත විචාරණයට වඩා දැවෙන ප්‍රශ්ණ වලට ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන බවයි.
ජනතාවට බලපාන මූලික ප්‍රශ්ණ සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් ලබා දිය යුතු බවයි පීටර් ඩට්න් පවසන්නේ.
රජයේ ඇතැම් ප්‍රතිපත්තීන් හමුවේ පවුල් ඒකකයන් හී ආර්ථිකය තව තවත් පිරිහි ගොස් ඇති අතර විදුලි බිල්පත් ගොවා ගැනීමට නොහැකි ඔස්ටේ්‍රලියානුවන් ගණන ද ඉහළ ගොස් තිබෙනවා.
විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාකයින් පත්ව ඇති දැඩි පීඩනට සම්බන්ධව රජය වැඩි අවධානයක් යොමු කල යුතු බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.
පසුගිය අවුරුදු එකහාමාරක කාලට තුළ රජය ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධව රජය වැඩි ප්‍රමුඛතාවක් ලබා දුන්න ද ජනතාවගේ අත්‍යාවශ්‍ය ගැටලු විසිදීමට සමත් නොවීම කණගාටුවට කරුණක් බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.