Search

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේත් නාසි සංකේත ප්‍රදර්ශනය තහනම්

නාසි සංකේත ප්‍රදර්ශනය තහනම් කිරීමට අදාළ නීති ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ද සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව තහනම් ලැයිස්තුවට ඇතුළත් සංකේත, ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය – භාවිතය මෙන්ම ටැටූ ලෙස සිරුරෙහි ප්‍රදර්ශනය පවා තහනම් වනු ඇති.

සමාජ මාධ්‍ය තුළ මෙම සංකේත ප්‍රදර්ශනයද තහනම් වන අතර මෙම නියමයන් කඩ කරන පුද්ගලයන්ට මාස 06 ක සිර දඩුවමකට යටත්වීමට සිදුවන වා.

කෙසේවෙතත් හින්දු – බෞද්ධ සහ ජෛන ආගම්වලට අදාළ ස්වස්තික ලාංඡනය ප්‍රසිද්ධියේ භාවිත කිරීමට මෙමගින් කිසිදු බාධාවක් එල්ල වන්නේ නැහැ.

මෙම නව නීති ක්‍රියාත්මක වන දිනය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ඉදිරියේදී නිවේදනය කරනු ඇති.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »