ජනමත විචාරණය අවලංගු කිරීමේ පෙත්සමක් ප්‍රතික්ෂේපයි

ස්වදේශික හඩ ජනමත විචාරණය අවලංගු කිරීමේ අරමුණින් ඉදිරිපත්ව ඇති පෙත්සමක් මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ස්වාධීන සෙනෙට් සභික ලිඩියා තෝර්ප් ගේ ඥාතියෙකු වන රොබී තෝර්ප් විසිනුයි මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

මෙම ජනමත විචාරණය ඇබොරිජින් ජනතාවගේ ස්වෛරීත්වයට බාධාවක් බවට එහි දක්වා තිබුණා.

ඒ හරහා ඇබොරිජින් ජනතාවගේ මානසික සෞඛ්‍යයට පවා බලපෑම් එල්ලවිය හැකි බවටයි පෙත්සම්කරු තර්ක තර තිබුණේ.

කෙසේවෙතත් එම කරුණු සඳහා නීතිමය පදනමක් නොමැති බව දක්වමිනුයි පෙත්සම ප්‍රතික්ෂේප කර ඇත්තේ.

ජනමත විචාරණයේ ඡන්ද විමසීම හෙට සිදුකිරීමට නියමිත අතර මිලියන 04 කට වැඩි පිරිසක් මේ වනවිටත් පූර්ව ඡන්දය ප්‍රකාශ කර අවසන්.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »