සිඩ්නි පලස්තීන රැළියට පෙර NSW පොලිසිය විශේෂ පොලිස් බලතල ඉල්ලයි

සති අන්තයේදී සිඩ්නි නගරයේ සංවිධාන කර ඇති පලස්තීන හිතවාදී රැළියට පෙර විශේෂ පොලිස් බලතල ලබාගැනීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සූදානම් වනවා.

ඒ අනුව අදාළ අවස්ථාවට සහභාගීවන්නන් පරික්ෂා කිරීමට සහ ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කරගැනීමට, හේතුවක් රහිතව වුවද පොලිසියට බලතල හිමිවනවා.

පසුගිය සඳුදා ඔපෙරා රගහල අසල පැවති විරෝධතාවයේදී සිදුවූ ආකාරයේ ප්‍රචණ්ඩ සිදුවීම් ඇතිවීම වළක්වාගැනීමයි එහි අරමුණ වන්නේ.

සති අන්තයේදී පා ගමනකින් පැමිණ රැළියක් පැවැත්වීමට පළමුවෙන් සැළසුම් කර තිබුණද මේ වනවිට එය රැස්වීමක් ලෙස පමණක් පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම රැළියට කිසිදු අවසරයක් නොදෙන බවටයි නිවු සවුත් වේලස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් අවධාරණය කර තිබුණේ.

එමෙන්ම යුදෙව් ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇති බව නිවු සවුත් වේල්ස් පොලිසිය සහතික කර ඇත්තේ.

මේ අතර පසුගිය සඳුදා පැවති පලස්තීන හිතවාදී රැළියට සහභාගී වූ තාවකාලික වීසා මත සිටින සියල්ලන් වහා පිටුවහල් කල යුතු බවටයි විපක්ෂ නායක පීටර් ඩට්න් යෝජනා කරන්නේ.

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »