Search

සිංගප්පූරු – පර්ත් ගුවන් යානයක බෝම්බ තර්ජනයක් / ඔස්ට්‍රේලියානුවෙකු අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට පර්ත් නුවර දක්වා පැමිණෙමින් තිබූ ගුවන් යානයක බෝම්බ තර්ජනයක් ඇතිකල ඔස්ට්‍රේලියානුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඩු පිරිවැය ගුවන් සේවයක් වන ස්කූට් (scoot) ගුවන් සේවයට අයත් TR 16 ගුවන් යානය සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කර තිබුණේ ඊයේ පස්වරු 04.10 ටයි.

විනාඩි 40 කට පමණ පසු යානයේ බෝම්බයක් ඇති බවට සැකකරු විසින් පවසා ඇති බව සඳහන්.

අනතුරුව ප්‍රහාරක ජෙට් යානා 02 ක ආරක්ෂාව මධ්‍යයේ මෙම ගුවන් යානය නැවතත් සිංගප්පූරුව දක්වා හරවාගෙන පැමිණ තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු ජාතිකයා 30 හැවිරිදි වියෙහි පසුවන්නෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් යානයේ තිබි කිසිදු සැකකටයුතු යමක් හමුවී නැහැ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »