Search

වික්ටෝරියා ප්‍රාන්ත රජයේ දෙපාර්තමේන්තු රැසක රාජ්‍ය සේවා තනතුරු කප්පාදුවක්

වික්ටෝරියා ප්‍රාන්ත රජය යටතේ පවතින දෙපාර්තමේන්තු රැසක රාජ්‍ය සේවා තනතුරු කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි වසර 04 ක කාලයේදී ඩොලර් බිලියන 2.1 ක මුදලක් ඉතිරි කර ගැනීමයි එහි අරමුණ වන්නේ.

රැකියා 220 කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී කප්පාදු කෙරෙන අතර මේ සඳහා පසුගිය අයවැය ලේඛණයේද යෝජනාවක් ඇතුළත්ව තිබුණා.

කිසිදු අත්‍යවශ්‍ය සේවාවකට මෙහිදී බලපෑමක් එල්ල නොවන බවයි වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සඳහන් කලේ.

කෙසේවතත් වෘත්තීය සමිතිවල චෝදනාව වන්නේ අධිකරණ සහ සමාජ සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා කප්පාදු කලහොත් මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යාම අසීරු විය හැකි බවයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »