Search

හෙට ඇඩිලේඩ් පොදු ප්‍රවාහන සේවා නොමිළයේ

ඇඩිලේඩ් පොදු ප්‍රවාහන සේවාවල හෙට (13) නොමිළයේ ගමන් බිමන් යාමට අවස්ථාවක් ලබාදී තිබෙනවා.

ඒ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දින කිහිපයකට පෙර මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයවී ඇති බවට හෙළිවීමත් සමගයි.

daylight savings ක්‍රමයට අනුව බස් රථවල ඇති ටිකට් යන්ත්‍රවල වේලාවන් වෙනස් නොකිරීමෙන් පසුගිය 02 වනදා කාර්ය බහුල වේලාවන්ගෙන් බැහැරවද වැඩි ගාස්තු අයකර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ටස්මේනියා බස් රථවල කාර්ය බහුල නොවන ගාස්තු අය කිරීම පෙරවරු 09 ට ආරම්භවීමට නියමිත වුවද එදින පෙරවරු 10 වන තෙක් වැඩි ගාස්තු අය කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඩොලර් සත 30 ත් ඩොලර් 1.85 ත් අතර අමතර ගාස්තුවක් මෙහිදී අයකරගෙන ඇති අතර ඒ වෙනුවෙන් හෙට (13) දින බස් – දුම්රිය සහ ට්‍රෑම් සේවාවල නොමිළයේ ගමන් කිරීමට ඇඩිලේඩ් පොදු ප්‍රවාහන බස් මගීන්ට අවස්ථාව හිමිවනු ඇති.