නිවු සවුත් වේල්ස් හි OPAL කාඩ්පත් ගාස්තු ලබන සඳුදා සිට ඉහළට

නිවු සවුත් වේල්ස් හි OPAL කාඩ්පත් ගාස්තු ලබන සඳුදා සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියයට 3.7 කින් ගාස්තු වැඩි වන අතර සතියක ගාස්තුව ඩොලර් එකකින් පමණ ඉහළ යනු ඇති.

දැනට කාර්ය බහුල නොවන වේලාවන් හිදී පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට ලබාදී ඇති සියයට 30 ක ගාස්තු සහනය සිකුරාදා දිනවලදීත් ලබාදීමට නියමිතයි.

මෙතෙක් එම සහනය හිමිවූයේ සති අන්තයේ සහ පොදු නිවාඩු දිනවල කාර්ය බහුල වේලාවන් ලෙස සැළකුණු පෙරවරු 06.30 ත් පෙරවරු 10.30 ත් සහ පස්වරු 03 ත් රාත්‍රී 07 ත් අතර කාලයෙන් බැහැර වේලාවන් හිදීයි.

සතියක් තුළදී ගමන්වාර 08 ක් සම්පූර්ණ කල මගීන්ට ලබාදී තිබූ ගාස්තුවෙන් අඩක් අය කිරීමේ සහනය ලබන සඳුදා සිට නතර වනු ඇති.

OPAL කාඩ්පත් හරහා පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන්ගෙන් සියයට 90 කට ආසන්න ප්‍රමාණයකට අදාල සහනය හිමිනොවන බවට තහවුරු කරගැනීමත් සමගයි එය ඉවත් කිරීමට තීරණය වී ඇත්තේ.

මේ අතර OPAL කාඩ්පත භාවිතයෙන් ගුවන් තොටුපළ දක්වා යාමට පුද්ගලික ප්‍රවාහන සමාගමක් විසින් ක්‍රියාත්මක කර ඇති සේවාව වැඩිහිටි කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 16.68 ක් ද ළමා කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 14.92 දක්වා ඉහළ යනු ඇති.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »