හෙට පැවැත්වෙන ජනමත විචාරණයේදී ඡන්ද මධ්‍යස්ථානවලට පිවිසීමේ දී ඡන්ද සළකූණු ප්‍රදර්ශනය වන පරිදි ඇදුම් හැඳ සිටින පුද්ගලයින් ආපසු හරවා යැවීමට සිදුවන බවට මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.
YES සහ NO කඳවුරු දෙකෙහි අධාරකරුවන් එම සංකේත සටහන් කර ඇති ඇදුම් සහ විවිධ සංකේත පැළද ඡන්ද මධ්‍යස්ථානවලට පිවිසීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබීම ඊට හේතුවයි.
ඡන්ද මධ්‍යස්ථානය තුළ හෝ ඡන්ද මධ්‍යස්ථානයට ප්‍රවේශ වන ස්ථානයේ සිට මීටර් 06 ක් ඇතුළත කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සදහා ඡන්දදායකයින් හට අවසරය හිමි වන්නේ නැහැ.
එලෙස සළකුණු ප්‍රදර්ශනය කිරීම ස්වාධීන ඡන්දදායකයින්ගේ මැතිවරණ තීරණ වලට බලපෑම් එල්ල කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇත්තේ.
ජනමත විචාරණයකදී ඡන්ද මධ්‍යස්ථානයකට පිවිසීමේ දී ඇදීමට සුදුසු මෙන්ම නුසුදුසු ඇදුම් වලට අදාළ මැතිවරණ නීති සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ඡන්ද සලකුණු සහිත ඇදුම් හැඳ පැමිණි ඡන්ද දායකයින් හට තරයේ අවවාද කර ඇති අතර මෙතෙක් ඡන්දය භාවිතය සදහා නොපැමිණි ඡන්දදායකයින් හට ද නිසි ඇදුමින් සැරසී ඡන්ද මධ්‍යස්ථාන වලට පිවිසෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව උපදෙස් ලබා දී ඇත්තේ.