වික්ටෝරියා හිටපු අගමැති අමෙරිකා යයි

වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත්වීමත් සමග ඩැනියෙල් ඇන්ඩෘස් ඇමරිකා එක්සත්ජනපදය බලා පිටව ගොස් තිබෙනවා.

නිව් යෝර්ක් හි JFK ගුවන් තොටුපල පරිශ්‍රයේ ඩැනියෙල් ඇන්ඩෘස් රැදි සිටින ආකාරය දැක්වෙන් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විම හේතුවෙන් මේ පිලිබද දැඩි කතා බහක් මතුව තිබෙනවා.

තනතුරෙන් ඉවත්වීමෙන් පසු සංචාරයක් සදහා හිටපු ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා ඇමරිකාව බලා පැමිණ ආකාරයක් දැකගැනිමට හැකි වීම විශේෂත්වයක්.

ස්වදේශීය හඩ ජනමත විචාරණයට YES ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වසර 9ක කාලයක් තුළ මැතිවරණ තුනකින් ඇන්ඩෘස් ජයග්‍රහණය කර ඇති අතර පසුගිය සැප්තැම්බර් 26 වන දින ඔහු දූරයෙන් ඉවත්වුණා.

ඉදිරි කාලය විවේකීව මෙන්ම සිය පවුලේ උදවිය සමග කාලය ගත කිරීමේ අවශ්‍යතාව මත දේශපාලන දිවියෙන් විශ්‍රාම ගත් බවයි ඩැනියෙල් ඇන්ඩෘස් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »