ඔස්ට්‍රේලියානු රග්බි පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමේ සූදානමක්

ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමේ පුහුණුකරු එඩි ජෝන්ස් සිය තනතුරෙන් ඉවත්වීමට සූදානමක් පවතින බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසනවා.

ජපාන රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු තනතුර භාර ගැනීම සඳහා ඔහු මෙලෙස තනතුරෙන් ඉවත්වීමට සුදානම් බව සඳහන්.

මීට පෙරද රග්බි පුහුණුකරු තනතුර භාර ගන්නැයි එඩි ජෝන්ස් හට ජපානයෙන් ආරාධනා ලැබී තිබුණද ඔහු එම සෑම අවස්ථාවකදීම එම යෝජනා ප්‍රතික්ශේප කර තිබුණා.

2027 වසර තෙක් ඔස්ටේ්‍රලියානු රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ගිවිසුම් ගතවී සිටින බැවින් එම කොන්ත්‍රාත්තුව අතරමැද නවතා දැමීමට කිසිදු සුදානමක් නොමැති බවයි එම සෑම අවස්ථාවකදීම ඔහු පවසා තිබුණේ.

කෙසේවෙතත් ජපාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ නව රග්බි පුහුණුකරු ලෙස එඩී ජෝන්ස් ඉදිරියේ දී වැඩ භාර ගැනීමට නියමිත බවයි.

මෙවර රග්බි ලෝක කුසලානයේ දී ඔස්ටේ්‍රලියානු රග්බි කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ එඩී ජෝන්ස් ඉල්ලා අස්වන බවටයි වාර්තා පළවන්නේ.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »