ඊශ්‍රායලයේ සිර වී සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අද සිට

ඊශ්‍රායලයේ සිර වී සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අද සිට ආරම්භ වනවා.

ටෙල් අවීව් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ලන්ඩන් නුවර දක්වා ක්වන්ටාස් ගුවන් යානා දෙකක් මගින් පළමු කණ්ඩයම් 02 ගෙන ඒමටයි සැළසුම් කර ඇත්තේ.

අනතුරුව එතැන් සිට ඔවුන් ඔස්ට්‍රේලියාව දක්වා රැගෙන ඒමට නියමිතයි.

ගාස්තු රහිතව මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය එකගතාවය පළකර තිබෙනවා.

අවශ්‍යතාව මත ඊශ්‍රායලයේ සිර වී සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමට තවත් ගුවන් යානයක් ඉදිරි සතිය තුල යෙදවීමට ද නියමිතයි.

ඇස්තමේන්තු කර ඇති පරිදි ඔස්ට්‍රේලියානුවන් 10,000 කට අධික පිරිසක් මේ වන විටත් ඊශ්‍රායලයේ සිටින අතර හමාස් ත්‍රස්ත ප්‍රහාර හමුවේ එක් ඔස්ට්‍රේලියානු කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබුණා.

තදබදයකින් තොරව මුදාගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොංග් විසින් ඊශ්‍රායලයේ වෙසෙන ඔස්ට්‍රේලියානුවන් වෙත දන්වා තිබෙනවා.

මේ වන විට ඊශ්‍රායල් යුධ ගැටුම් හමුවේ සිවිල් වැසියන් 1,500 ක් පමණ ජීවිතක්ශයට පත්ව ඇති අතර 2,700 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »