
සිඩ්නි නුවර පැවති පලස්තීන හිතවාදී රැළියට සහභාගීවූවන් සියලුදෙනා රටින් පිටුවහල් කරන්නැයි විපක්ෂ නායක පීටර් ඩට්න් ඉල්ලීමක් කරනවා.
ඊශ්‍රායල ජාතික කොඩිය ගිනි තැබීම වැනි දරුණු ක්‍රියා ගණනාවක් එහිදි සිදුව තිබීම භයානක තත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ලේබර් පක්ෂ රජය සහ අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් දැඩි පියවර අනුගමනය කල යුතු බවත් පීටර් ඩට්න් අවධාරණය කර සිටිනවා.

මෙම විරෝධතාවයට සහභාගී වී ඇති තාවකාලික වීසා මත සිටින සියල්ලන්ගේ වීසා බලපත් අවලංගු කල යුතු බවටයි ඔහු යෝජනා කර සිටින්නේ.
වර්ගවාදයට ඔස්ටේ්‍රලියාව තුළ කිසිදු ඉඩක් තැබිය යුතු නැතැයිද විපක්ෂ නායක පීටර් ඩට්න් දන්වා සිටිනවා.

මේ අතර සිඩ්නි නුවර ගමන් ගත් මෝටර් රථයක ඊශ්‍රායල ධජය ප්‍රදර්ශනය කල තරුණයන් 04 දෙනෙකුට වාචිකව තර්ජනය කල පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.