හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර යුධ ගැටුම් හේතුවෙන් ලොව පුරා ඉන්ධන මිළ ගණන්වල ඉහළයාමක් සිදුවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.
බොරතෙල් බැරලයක මිළ ඉදිරි දිනවලදි අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා යා හැකි බවටයි අනාවැකි පළවන්නේ.
මේ අනුව ඔස්ට්‍රේලියාව තුළත් ඉන්ධන මිළ ගණන්වල වැඩිවීමක් අපේක්ෂා කල හැකි බවයි ආර්ථික විද්වතුන් සඳහන් කරන්නේ.
මේ වනවිට අඛණ්ඩව 07 වන සතියටත් පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 02 ඉක්මවා අලෙවි වනු දක්නට හැකියි.
මෙම තත්වය නත්තල් සමය අවසන් වන තුරුම පැවතිය හැකි බවටයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පුරෝකථනය කර සිටින්නේ.
ඉන්ධන මිළට සමගාමීව සෙසු සියලු භාණ්ඩ හා සේවාවල මිළ ගණන්ද ඒ අනුව ඉහළ යා හැකි බවටත් අනාවැකි පළවනවා.