ලොව සුපිරි මිලියනපතියන් සිටින ප්‍රධාන නගර 20 ට සිඩ්නි නගරයත්

ලොව සුපිරි මිලියනපතියන් සිටින ප්‍රධාන නගර 20 අතරට සිඩ්නි නගරයද ඇතුළත්ව තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 100 කට අධික වත්කමක් ඇති පුද්ගලයනුයි සුපිරි මිලියනපතියන් ලෙස සැළකෙන්නේ.

ලොව පුරා එවැන්නන් සිටිනුයේ 28,420 ක් පමණයි.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වී ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය වන අතර එහි සිටින සුපිරි මිලියනපතියන් ගණන 775 ක්.

02 වන ස්ථානය අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයටත් – 03 වන ස්ථානය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයටත් – 04 වන ස්ථානය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරටත් – 05 වන ස්ථානය චීනයේ බෙයිජිං නුවරටත් ලැබී තිබෙනවා.

මෙම ලැයිස්තුවේ 18 වන ස්ථානය සිඩ්නි නගරයට ලැබී ඇත්තේ සුපිරි මිලියනපතියන් 198 ක් සහ බිලියනපතියන් 20 දෙනෙකු සමගිනුයි.

ඉදිරි වසර 10 තුළදී මෙම සංඛ්‍යාව තවත් සියයට 10 කින් පමණ වැඩිවනු ඇති බවට අනාවැකි පළවන්නේ.

සිංගප්පූරුව – මුම්බායි – ඩුබායි – පැරිස් – ටෝකියෝ යන නගරද ලොව සුපිරි මිලියනපතියන් සිටින ප්‍රධාන නගර 20 අතරට ඇතුළත්ව සිටිනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »