Greater Sydney සහ NSW ප්‍රදේශ රැසකට Total fire ban පණවයි

Greater Sydney සහ නිවු සවුත් වේල්ස් හි ප්‍රදේශ රැසකට Total fire ban පණවා තිබෙනවා.

අධික උණුසුම් – වියළි සහ දැඩි සුළං කාළගුණ තත්වය හමුවේ ලැව් ගිනි පැතිරයාමේ ඉහළ අවධානම සළකා බලමිනුයි මෙම අනතුරු ඇගවීම සිදුකර ඇත්තේ.

ඉදිරි දිනවලදීත් සිඩ්නි උෂ්ණත්වය අංශක 30 ඉක්මවා යා හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

Total fire ban පණවා ඇති අවස්ථාවකදී කිසිදු ආකාරයකින් ගිණි කෙළි සංදර්ශන වැනි දෑ පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.

අනතුරු ඇගවීම් පිළිබඳව නිරතුරුව අවධානයෙන් පසුවන ලෙසයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »