ඊශ්‍රායලයට සහය පළකර දැවැන්ත රැළියක් සිඩ්නි නුවරදී

ඊශ්‍රායලයට සහ එහි ජනතාවට සහය පළකරමින් දැවැන්ත රැළියක් ඊයේ රාත්‍රියේ සිඩ්නි නුවරදී පවත්වා තිබෙනවා.

දහස් සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටි බව සඳහන්.

හමාස් සංවිධානයේ ප්‍රහාර හමුවේ මියගිය පුද්ගලයන් සැමරීම මෙහි ප්‍රධාන අරමුණක් වුණා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක පීටර් ඩට්න් – නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් මෙන්ම අගමැති ඇන්තනී ඇල්බනීස් නියෝජනය කරමින් සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් ද සහභාගී වී සිටීම විශේෂත්වයක්.

ඊයේ මෙල්බන් නුවර පැවති යුදෙව් සැමරුමකට අගමැති ඇන්තනී ඇල්බනීස් ද සහභාගී වී තිබුණා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »