වික්ටෝරියානුවන්ට සූර්ය විදුලි උත්පාදනය වෙනුවෙන් $ 2,400 ක ගාස්තු සහනයක්

සුදුසුකම් සහිත වික්ටෝරියානුවන්ට සූර්ය විදුලි උත්පාදනය වෙනුවෙන් ඩොලර් 2,400 ක ගාස්තු සහනයක් ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

සූර්ය පැනල සඳහා ඩොලර් 1,400 ක් ලෙසද සූර්ය බල උණු ජල පද්ධතියක් සඳහා ඩොලර් 1,000 ක් ලෙසද යනුවෙන් මෙම සහනය ලබාගත හැකියි.

අලුතින් මිළදී ගැනීම් සඳහා පමණක් නොව වසර 10 කට වඩා පැරණි සූර්ය බල පද්ධති ඉවත් කර නව පද්ධති සවි කිරීමේදීත් මෙම ගාස්තු සහනයට ඉල්ලුම් කල හැකි වනවා.

පැරණි සූර්ය බල පද්ධති කාර්යක්ෂම නොවීම හමුවේ වැයවන පිරිවැය අධික වීම මීට ප්‍රධාන හේතුවයි.

පුනර්ජනනීය බලශක්තිය වැඩිම වශයෙන් භාවිතයට ගැනෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ වුවද මෙගා වොට් එකක් නිපදවීම සඳහා වැය වන මුදල 2021 වසරේදී පැවති ඩොලර් 51 සිට මේ වනවිට ඩොලර් 114 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »