වික්ටෝරියා ඇදුම සහ hay fever රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

අකුණු සහිත කුණාටු කාලසීමාව එළැඹීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ඇදුම සහ hay fever රෝගීන්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර එම රෝගීන්ගේ සංඛ්‍යාවෙහි ඉහළයාමක් අපේක්ෂා කෙරෙන බව සඳහන්.

මෙතෙක් ලොව වැඩිම ඇදුම රෝගී මරණ සංඛ්‍යාවක් සටහන්වූ උත්සව අවස්ථාව මෙල්බන් නගරයෙන් වාර්තා වූයේ 2016 වසරේදීයි.

වසන්ත සමය උදාවීමත් සමග මල්වල පරාග සහ පිදුරු කොටස් වායු ගෝලයට එකතුවීමත් කුණාටු තත්වයන් හමුවේ ඒවා විසිරීයාමත් හමුවේ මෙම රෝග ව්‍යාප්ත වීම සිදුවනවා.

ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙම තත්වය දැකගත හැකි අතර ඔස්ටේ්‍රලියාවේ වැඩිම hay fever සහ ඇදුම රෝගීන් වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙනුයි.

හැකිතාක් එළිමහනට නිරාවරණය නොවී නිවෙස් හෝ අභ්‍යන්තර ස්ථානවල රැඳී සිටීම / ඇදුම හෝ hay fever සඳහා වන ඉන්හේලර් ඇතුලු ඖෂධ ළග තබාගැනීම වැනි ක්‍රියා අනුගමනය කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »