NSW විදුලිය – ගෑස් සහ ජල සේවා සම්පාදකයන්ට එරෙහිව පැමිණිලි 17,000 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ විදුලිය – ගෑස් සහ ජල සේවා සම්පාදකයන්ට එරෙහිව 2022/2023 මූල්‍ය වර්ෂයේදී පැමිණිලි 17,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

එය 2021/2022 වසරට වඩා සියයට 22 ක ඉහළයාමක් බවයි Ombudsman NSW විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ විදුලි ක්ෂේත්‍රයට අදාළව වන අතර එය පැමිණිලි 11,972 ක්.

ගෑස් සමාගම් සම්බන්ධ පැමිණිලි ප්‍රතිශතය සියයට 18 ක් වන අතර ජල සමාගම්වලට එරෙහි පැමිණිලි සංඛ්‍යාව සියයට 04 ක්.

විදුලි – ගෑස් සහ ජල සම්බන්ධතා විසන්ධි කිරීම්වලට අදාළවද සැළකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »