වෛද්‍යවරුන්ගේ වැටුප් සඳහා නව බදු පැනවීමට වික්ටෝරියානු රජය ගත් තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය වෘත්තීය සංගම් දැඩි විවේචන එල්ල කර තිබෙනවා.
මේ හේතුවෙන් ඉදිරියේ දී වෛද්‍ය සායන වැසී යෑමේ අවධානමක් පවතින අතර සාමාන්‍ය වෛද්‍ය ගාස්තු සදහා එක් අවස්ථාවකට අමතර ඩොලර් 20 ක් දැරීමට සිදුවන බවටයි වෛද්‍යවරුන් අනතුරු අගවා ඇත්තේ.
අදාළ බදු පැනවීමට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග සදහා රෝගීන්ගේ ද සහය අපේක්ෂා කරන බව වෛද්‍ය සංගම් පවසන අතර ඒ සම්බන්ධ දැන්වීම් පුවරු සායන පරිශ්‍ර තුල ප්‍රදර්ශණය කර තිබෙනවා.
යෝජිත බදු පනත සමස්ත සෞඛ්‍ය පද්ධතියටම තර්ජනයක් බවයි වික්ටෝරියා වෛද්‍යවරුන් චෝදනා නගන්නේ.
ඔස්ටේ්‍රලියාවේ විශාලතම සෞඛ්‍ය සමාගමකට පසුගියදා දන්වා ඇත්තේ ඔවුන්ගේ වෛද්‍යවරුන්ට අදාළව පසුගිය වසර 10 සඳහා වැටුප් වාර්තා ලබා දෙන ලෙසයා.
එමගින් ඉදිරියේ දී ඩොලර් මිලියන 02 ත් 05 ත් අතර බදු මුදලක් ගෙවීමට ඔවුන්ට සිදුවනු සිදුවනු ඇති.
කෙසේ වෙතත් වත්මන් අගමැති ජසින්ටා ඇලන් හමුවී සාකච්ඡා කර මේ සම්බන්ධ නිසි සාධාරණයක් ලැබේ යන අපේක්ෂාවෙන් වෛද්‍ය සංගම් පසුවන බවයි වාර්තා වන්නේ.