Search

නින්දට පෙර දුරකතන භාවිතය ගැන මොනෑෂ් සරසවියෙන් දරුණු අනතුරු ඇගවීමක්

රාත්‍රී නින්දට පෙර ඡංගම දුරකතන හෝ ඩිජිටල් තිර භාවිතය මගින් අධික ආලෝකයට නිරාවරණය වීම මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පුද්ගලයින් අසූ දහසක් යොදා ගනිමින් ආලෝකය, නින්ද, මානසික සෞඛ්‍ය සහ ශාරීරික ක්‍රියාකාරකම් යන කාරණා සැලකිල්ලට ගනිමින් මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා.

එහිදි අනාවරණය වී ඇත්තේ ස්වභාවික ආලෝකය තුළ ව්‍යායාම් වල නිරත වන පුද්ගලයින්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය ඉතා හොඳ මට්ටමක පවතින බවයි.

පුද්ගලයින් ආලෝකයට නිරාවරණය වන ආකාරය අනුව මානසික සෞඛ්‍යයට ප්‍රබල බලපෑමක් එල්ල වන බව මොනෑෂ් පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ආලෝකය මානසික සුවයේ මුලික අංගයක් වන අතර දවසේ වැඩි කාලයක් ස්ව’භාවික ආලෝකය තුළ කටයුතු කිරීම වාඩාත් යහපත් බවයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ඇන්ඩෲ පිලිප් සඳහන් කර ඇත්තේ.

රාත්‍රී කාලය තුළ ස්මාට් දුරකථන භාවිතය මගින් කෘත්‍රීම ආලෝකයට නිරාවරණය වීම ජාන විකෘති තත්වයන්ට ද බලපෑම් එල්ල කරනු ඇති බවයි මෙහිදී අනාවරණය වූයේ.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »