
වාර්ෂික මෙල්බන් කප් දිනයේදී පැවැත්වෙන සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලිය (Melbourne Cup Parade) මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙල්බන් කප් තරගාවලියට සහභාගී වන අසරුවන් සහ අශ්වයන් නගරයේ වීථි පුරා සංචාරය දීර්ඝ කලක සිට සම්ප්‍රදායක් ලෙස සිදු කෙරුණා.
1983 වසරේ සිට අඛණ්ඩව එය පැවති නමුත් 2020 සහ 2021 වසරවලදී පමණක් නොපැවැත්වුණේ කොවිඩ් වසංගතය හේතුවෙනුයි.

කෙසේවෙතත් දිගින් දිගටම එල්ලවන සත්ව හිංසන චෝදනා හමුවේ මෙවර මෙල්බන් කප් ආචාර පෙළපාලිය අවලංගු කිරීමටයි සංවිධායකයන් තීරණය කර ඇත්තේ.
ඒ වෙනුවට කුඩා සැමරුමක් පමණක් ලබන නොවැම්බර් 07 වනදාට යෙදී ඇති මෙල්බන් කප් දිනයේදී පැවැත්වෙනු ඇති.
