Search

ලබන සති අන්තයේ සිඩ්නි නුවර පලස්තීන හිතවාදී රැළියට අවසර නෑ

ලබන සති අන්තයේදී සිඩ්නි නුවරදී සංවිධාන කර ඇති පලස්තීන හිතවාදී විරෝධතා රැළියට කිසිදු අවසරයක් නොදෙන බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සහතික වනවා.

නගරයේ වීථි පුරා ගමන් කර විරෝධතා දැක්වීමට ඔවුන්ට කිසිදු ඉඩක් නොදෙන බවටයි ඔහු ප්‍රතිඥා දෙන්නේ.

සඳුදා පස්වරුවේ සිඩ්නි ඔපෙරා රගහල අසල පැවති විරෝධතාවයකදී කළහකාරී සිදුවීම් රැසක් වාර්තාවීම මීට හේතුවයි.

කෙසේවෙතත් සැළසුම් කර ඇති පරිදි සිය උද්ඝෝෂණ පාගමන සිඩ්නි නුවරදී පවත්වන බවට පලස්තීන හිතවාදී සංවිධාන අවධාරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිවරයාගේ ස්ථාවරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද ඔවුන් දන්වා ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »