චර්ම බැක්ටීරියාවක් ගැන වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවීමක්

චර්ම බැක්ටීරියාවක් සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවීමක් සිදු කෙරෙනවා.

ඔක්තෝබර් 02 වනදායින් අවසන් වූ වසරක කාලය තුළ අදාළ බැක්ටීරියාව ආසාධිතයන් 238 දෙනෙකු හමුවී ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

පසුගිය වසරේ අදාළ කාලසීමාවේදී වාර්තා වී තිබුණේ එවැනි රෝගීන් 207 දෙනෙකු පමණයි.

2021 වසරේදී ආසාධිතයන් 197 දෙනෙකුද – 2020 වසරේදී ආසාධිතයන් 135 දෙනෙකුද වාර්තා වී තිබුණා.

මෙල්බන් උතුර – බටහිර ප්‍රදේශ මෙන්ම ජීලොංග් නගරවල මෙම බැක්ටීරියාව සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවද සඳහන්.

කෘමියෙකු විසින් දෂ්ඨ කල හා සමාන ආකාරයෙන් සමෙහි තුවාල ඇතිවීම මෙම බැක්ටීරියාවේ මූලික රෝග ලක්ෂණයයි.

අවුරුදු 60 ඉක්මවූවන්ට එහි අවධානම ඉහළ බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »