ජනමත විචාරණය ගැන අනවශ්‍ය බියක් එපා

ස්වදේශික හඩ ජනමත විචාරණයට එරෙහි කොතෙක් විවේචන එල්ල වුවද එහි ජයග්‍රහණය සම්බන්ධයෙන් විශ්වාසයක් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

දැනට නිකුත් වී ඇති සමීක්ෂණ වාර්තා රැසක දැක්වෙන්නේ ජනමත විචාරණය පරාජය වීමට වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් කියාසිටියේ ජනමත විචාරණය සම්බන්ධ අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සුදුසු නොවන බවයි.

වසර 122 ක් පුරා ස්වදේශික ආදිවාසි ජනයා වෙනුවෙන් කිසිදු ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක නොවිම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අගමැතිවරයා එහිදි අවධාරණය කළේ.

පූර්ව ඡන්ද ප්‍රකාශ කිරිම් මේ වන විට රට පුරා සාර්ථකව ක්‍රියාත්මක අතර ඊට සහය වීමට බොහෝ පාර්ශව තමන් තමග එකගතාවට පැමිණි ඇති බව ඇන්තනි ඇල්බනීස් පවසනවා.

ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම සදහා අවම වශයෙන් ප්‍රාන්ත 04 ක සහය ලබා ගැනීම අනිවාර්ය වනු ඇති.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »