සුළි සුළං අවධානම පහළට – ලැව්ගිනි අවධානම ඉහළට

දැනට පවතින උෂ්ණාධික කාලගුණයත් සමග රට තුළ සුළි සුලං ඇතිවීමේ අවධානමක් නොමැති බවට කාළගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා කාලය ඔස්ට්‍රේලියාවේ ලැව්ගිණි, සුළී කුණාටු මෙන්ම ගංවතුර ඇතුලූ ආපදා බහුලම කාලය ලෙසයි සැළකෙන්නේ.

කෙසේ වෙතත් සුළි සුළං අවධානම අවම වුව ද ලැව්ගිනි ඇතිවීමේ අවධානම ඉහළ අගයක් ගන්නා බවටයි කාළගුණ අංශ අනතුරු අගවා ඇත්තේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පැවති උෂ්ණත්ව වාර්තා බිද දමමින් ඉහළ උෂ්ණත්වයක් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් එල් නීනෝ බලපෑම මත ලබන වසර ආරම්භයේ සුළි කුණාටු ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව ද කාලගුණ අංශ පවසනවා.

ලබන පෙබරවාරි මාසය දක්වා රාත්‍රී කාලයේ අසාමාන්‍ය උෂ්ණත්වයක් වාර්තා වන අතර ජනතාව ඒ පිළිබද අවධානයෙන් පසු වීම වැදගත් වනු ඇති.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »