ඔස්ට්‍රේලියාව තුළ අලෙවියට තබා ඇති ගෘහාශ්‍රිත සූර්ය බැටරි නිශ්පාදන කිහිපයක් කාර්මික දෝෂ හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.
මෙලෙස කැදවා ඇත්තේ 2016 ජනවාරි සිට 2017 මාර්තු 28 දක්වා සහ 2018 සැප්තැම්බර් 14 සිට 2019 ජූනි 30 දක්වා නිශ්පාදිත LG මාදිලියෙන් යුත් සූර්ය බැටරි නිශ්පාදන කිහිපයකුයි.
අදාළ බැටරි භාවිතයෙන් හදිසි ගිනි ගැනීම් ඇතිවිය හැකි අතර බරපතල අනතුරු මෙන්ම ජීවිත හානිද සිදුවිය හැකි බව අනාවරණය වී තිබෙනවා.
අදාළ බැටරි මගින් නිවසෙහි අනෙකුත් විද්්‍යුත් උපාංග වලට පවා බලපෑම් ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
කාර්මික ශිල්පීන්ට අදාළ ගැටලූ විසඳීමට හැකි වන තෙක් අදාල නිශ්පාදන ක්‍රියා විරහිත කර තබන ලෙස දැනුම් දී ඇති අතර පාරිභෝගිකයින් තම බැටරියේ අනුක්‍රමික අංකය පරීක්ෂා කිරීම වැදගත් වනු ඇති.
සූර්ය බැටරි පද්ධතිය හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවූ පාඩු පියවීමට LG සමාගම එකග වී තිබෙනවා.