රථ ගාල්වල parking spaces වැඩි කිරීමට යෝජනා

ප්‍රමාණයෙන් දිගු වාහන නැවැත්වීම සඳහා රථ ගාල්වල ප්‍රමිතීන් පුලූල් කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව ඔස්ටේ්‍රලියාව පුරා ඕනෑම වාහන නැවතුම් ස්ථානයක විශාල වාහන නැවැත්වීම සදහා ඉඩකඩ තවදුරටත් පුලූල් වනු ඇති.

දැනට පවතින සම්මතය වනුයේ එක් වාහනයක් නතර කිරීම සඳහා මීටර් 2.4 ක පළලකින් සහ මීටර් 5.4 ක දිගකින් යුත් කොටසක් වෙන් කර තැබීමයි.

පළල එම ප්‍රමාණයෙහිම තබා ගනිමින් රථගාල් හී සම්මත දිග මීටර් 5.6 දක්වා තවදුරටත් පුලූල් කිරීමට නියමිත අතර එම යෝජනාව සම්බන්ධයෙන් ලබන නොවැම්බර් 09 වනදා ද්කවා මහජන අදහස් ලබාගැනීමට නියමිතයි.

අනතුරුව මාස 06 ක් තුළදී මේ සම්බන්ධ ස්ථිර අවසන් තීරණයක් ගැනෙනු ඇති.

ප්‍රමාණයෙන් විශාල වාහන මිළදී ගැනීමට මහජනතාව තුළ දැඩි කැමැත්තක් පවතින අතර බාධාවකින් තොරව වාහන ආරක්ෂිතව ගාල් කිරීමට නව යෝජනා යටතේ අවස්ථාව හිමිවනු ඇති.

අදාල යෝජනා මේ වන විට කෙටුම්පත් කරමින් පවතින අතර රථ ගාල් පුලූල් කිරීමේ දී වාහන වල දිග පමණක් නොව උපරිම බර පිළිබද ද සැලකිල්ලට ගැනීම වැදගත් බවයි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයන්ගෙන් පිටත මෙන්ම කඩසාප්පු ඉදිරිපිට පවතින රථ ගාල් ද පුලූල් කිරීමටයි යෝජනා වී ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »