
වසර 11 කට පසු වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය විසින් වාර්ෂික ලාභයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව පසුගිය මූල්‍ය වර්ෂයේදී සිය ආදායම, පෙර වසර හා සැසඳීමේදී සියයට 124 කින් ඉහළ ගොස් ඇති බවයි ඔවුන් නිකුත් කල සංඛ්‍යාලේඛණවල සඳහන් වන්නේ.
මෙම කාලසීමාවේදි ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන 05 ක් වන අතර, බදු රහිත ශුද්ධ ලාභය ලෙස ඩොලර් මිලියන 129 ක මුදලක් වාර්තා කර තිබෙනවා.

කොවිඩ් සමයේදී අඩාල වී තිබූ සංචාරක කර්මාන්තය නැවතත් යථා තත්වයට පත්වීම මෙම ලාභයට හේතු බවයි වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය අවධාරණය කරන්නේ.
කෙසේවෙතත් දැවැන්ත ලාභ සටහන් කලද සේවක වැටුප් තවමත් පහළ තලවල පවතින බවටද වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයට චෝදනාවක් පවතිනවා.
