ඔස්ට්‍රේලියාවට නත්තල් සීයාලාගේ හිගයක්

මෙවර නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවේ විවිධ ස්ථානවල නත්තල් සීයා ලෙස පෙනී සිටීමට ප්‍රමාණවත් පිරිසක් ඉදිරිපත් නොවීම හමුවේ අර්බුදකාරී තත්වයක් මතුවී තිබෙනවා.

ඒ අනුව නත්තල් සීයා පෙනී සිටිය යුතු ඇතැම් ඉසව් අවලංගු කිරීමට පවා සිදුවිය හැකි බවයි තාවකාලික රැකියා ලෙස නත්තල් සීයලා බඳවා ගන්නා ආයතන සඳහන් කර ඇත්තේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර තුන තුල නත්තල් සීයා තනතුර සඳහා වන ඉල්ලූම අවම වී තිබුණා.

කෙසේ වෙතත් දක්ෂතා සපිරි වැඩිහිටි පුද්ගලයන්ට නත්තල් සීයා තනතුර සඳහා දෙසැම්බර් මාසය ආරම්භයට පෙර ඉල්ලුම් කල හැකියි.

සැන්ටා තනතුරෙහි ප්‍රවීණයන් සඳහන් කරන්නේ වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් මේ සඳහා බඳවා ගැනිමට දිරිමත් කල යුතු අතර එමගින් වැඩිහිටියන් සහ තරුණ ප්‍රජාව අතර අන්තර සබඳතා ශක්තිමත් කල යුතු බවයි.

මෙම තනතුර සඳහා තරුණ වැඩිහිටි සෑම කෙනෙකුටම අයදුම් කිරීමට අවස්ථාව පවතින අතර අත්‍යාවශ්‍යම සුදුසුකම වනුයේ නත්තලට ආදරය කිරීම – ධනාත්මක සිතුවිලි සහ මිත්‍රශීලී පෞරුෂයක් තිබීම පමණයි.

මේ අතර විවිධ ආයතන සඳහා අනුයුක්ත කෙරෙන සියලුම නත්තල් සීයලා පෙනී සිටින ඡායාරූපය සඳහා ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් නොවීම හමුවේ මෙවර එම සම්ප්‍රදාය සිදුකිරීම ද අවධානම් තත්වයකට පත්ව තිබෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහිපත් කළ බේරා ගැනීම

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් වාර්තා වී තිබෙනවා.

Read More »