පලස්තීන හිතවාදී උද්ඝෝෂණයක් හේතුවෙන් මෙල්බන් CBD ආරක්ෂාව තරකරයි

අද පස්වරුවේ මෙල්බන් නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිත පලස්තීන හිතවාදී උද්ඝෝෂණයක් හේතුවෙන් නගරයේ ආරක්ෂාව තරකර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ අමතර පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් ද නගර මධ්‍යයට කැඳවා ඇති බවයි.

පස්වරු 06 ට ආරම්භවීමට නියමිත මෙම විරෝධතාවය සඳහා සිය ගණනක් පිරිස් ඒකරාශී වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඊයේ දිනයේදී සිඩ්නි සහ පර්ත් නගරවලද පලස්තීන හිතවාදී උද්ඝෝෂණ පැවැත්වුණා.

කෙසේවෙතත් සිඩ්නි ඔපෙරා රගහල මෙන්ම මෙල්බන් නුවර ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් දුම්රිය නැවතුම් පොළද ඊයේ රාත්‍රියේ නිල් සහ සුදු පැහැති ආලෝක වර්ණ රටාවලින් ආලෝකමත් කර තිබුණේ ඊශ්‍රායලයට සහය පළකරමිනුයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »