Search

බැටලු මස් මිළෙහි අක්‍රමිකතාවයක් ගැන චෝදනා

නියමිත පාලන මිලක් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩී අසිරුතාවයකට ලක්ව ඇති බවට බැටලූ මස් නිෂ්පාදකයන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තමන්ට ලැබෙන මිලට සාපේක්ෂව සුපිරි වෙළඳ සැල්වල අලෙවිය සඳහා තබා ඇති බැටලූ මස් මිල කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැටලූ මස් අනුභවයට පවතින අවස්ථාව ද සීමිත වී ඇති බවයි නිෂ්පාදකයන් පවසන්නේ.

නැගෙනහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලට වැඩි වශයෙන් බැටලුවන් ආනයනය කිරීම හේතුවෙන් තවදුරටත් සුපිරි වෙළදසැල්වල අලෙවියට තබා ඇති බැටලූ මස් මිළ ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

බැටලූ මස් නිෂ්පාදකයන් පවසන්නේ ෆෙඩරල් රජය තවදුරටත් මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් නොදෙන්නේ නම් සමස්ථ කර්මාන්තයම කඩා වැටීමට ලක්වන බවයි.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »